mediahumanrights.lk
BusinessBusiness NewsNews

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා මේ බව කියා සිටියි.

ඉදිරියේදී වරාය නගර පරිශ්‍රය සිදුකරන විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම මුදල් ඒකක ඇතුලත් කිරීමට කටයුතු කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ඇමරිකානු ඩොලර් ඇතුළු විදේශ මුදල් ඒකක ද ඩිජිටල් මුදල් ඒකක ද මෙහි භාවිතය සඳහා අවසර ලබාදීමට සැලසුම් කර ඇත.

මේ අතර ක‍්‍රිප්ටොකරන්සි මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනාවක් ද අනුමත වී ඇති අතර ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.

Related posts

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළට

Shiran Viraj

විපතට පත් ලාංකිකයින් ගැන පුටින් කණගාටු වෙයි

Shiran Viraj

අද ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්වෙලා

Shiran Viraj
Translate »