32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…

‘ගෑස් සම්බන්ධ මෙහෙම වෙන්න කිසිම දේකට නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදල නැහැ. මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේවට ප්‍රතිපත්තියක් හදන්න ඕන. මේකට විතරක් නෙවෙයි මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ‍ මේකට ඉක්මන් තිරසාර විසදුමක් දීල ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන’ යයි  කුඩා වැවිලිභෝග ආශ්‍රිත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කර සිටියේ කොළොන්න ප්‍රදේශයේ අපනයන ගම්මාන පිහිටුවීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ගෑස් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් මේ විදියට මෙතෙක් කල් මෙහෙම සිදුවීම්  මේ විදියට වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදීත් කතා කලා. මේ ගෑස් සමාගම් ඇවිත් ඒ අයගේ අදහසත් කිව්වා.

මේ පිපිරීම් සිදුවන්නට යම්කිසි වැරැද්දක් තියෙනවා. එසේ නොමැතිව මෙහෙම වෙන්න විදියක් නැහැ. මේ සම්බන්ධයෙන් අපි පරික්ෂණයක් කරනව. මේ වෙලාවේ රජය ජනතාව මේ අපි සියලුදෙනාම හැමෝම බයෙන් ඉන්නේ තමන්ගේ ගෙදර ගෑස් සිලින්ඩරය කොයි වෙලාවේ පුපුරයිදකියල. ඒක ඒ බය මේ කතාකරන මටත් තියෙනව. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරල මේකට විසදුමක් දෙන්න ඕන ‍මොකද මේ රටේ ගෑස් වලින් විතරක් ඒවා

පාවිච්චි කරන පවුල් විසිහතර ලක්ෂයක් ඉන්නව. විශාල පිරිසක් ගෑස් පාවිච්චි කරනව. ජනතාවට බය නැතිව තමන්ගේ ගෑස් ලිපේ උයාගන්න පුලුවන් වෙන්න ඕන.

එක වෙලාවෙදි ගෑස් සමාගම් කියනව අපේ ගෑස් සිලින්ඩරය කොහේවත් පිපිරිල නැහැ කියල. හැබැයි ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවවුනාට වෙන මොකක්හරි කෑල්ලක් පුපුරනවා.  ජනතාව හුගක් බයෙන් ඉන්නේ අපි ඉක්මනින් මේ ප්‍රශ්නය විසදලා දිය යුතුයි. මේ සමාගම් රජයෙද පුද්ගලිකද කියන එක අදාල නැහැ මොන සමාගම වැරැද්ද කලත් ඒ අයට විරුද්දව කටයුතු කල යුතුයි.

මේ විදුලි ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි සොයා බලනවා. මේක ඇත්තටම දෙයක්ද නැත්නම් රජය අපහසුතාවයට පත් කරන්න කරන ලද දෙයක්ද යන්න අපි සොයා බලනව. මේ හැම දේටම ප්‍රතිපත්තියක් හදන්න ඕන මොන ආණ්ඩුව ආවත් මොන ආණ්ඩුව ගියත් වෙනස්වෙන්නේ නැති ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. වර්තමාන ජනාධිපතිතුමා එහෙම කෙනෙක් හැටනම ලක්ෂයක් එතුමාට ජන්දය දීල පත්කලේ මේ රටේ නොකල වැඩ කොටසක් කරන්න. රටේ හරි ප්‍රතිපත්තියත් එක්ක ඉස්සරහට යන්න. අපේ ප්‍රතිපත්තිය තමයි රාජ්‍ය දේපලවිකුණන්නේ නැහැ කියන එක.ඒ නිසා අපි අදටත් හෙටටත් කියන්නේ  අනෙත් අය අවුරුදු අනූ නවයකට බදු දීල ඊට පස්සේ තව අනූ නවයකට බදු දීපු අය  අද අවුරුදු 10කට 15 කට බදු දුන්න එක විකුණුවා කියනවා. ආණ්ඩුව මොනව කලත් ඒක වැරදියි කියන්න ගොඩක් අය බලන් ඉන්නවා. මේ හැම එකක් සදහාම ප්‍රතිපත්තියක් හදන්නආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරනවා’

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

Related posts

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

Shiran Viraj

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

Shiran Viraj

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj
Translate »