2026-01-28
mediahumanrights.lk
BusinessBusiness NewsNews

වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

ඩීසල් යොදන ලද බස් රථ ගණනාවක් මහ මග අතර මග නතර වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් පොලීසියට පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

මෙරට ඩොලර් හිගය හේතුවෙන් ආනයනය කරනු ලබන්නේ බාල ඉන්ධන බවත් මෙම ඉන්ධන භාවිතා කරන වාහන දෝෂයන්ට ලක්වන බව කියා සිටී.

එමෙන්ම මෙම ඉන්ධන දහනය වන ප්‍රමාණය ද ඉතා ඉහළ බව ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related posts

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Shiran Viraj

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

Shiran Viraj

රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි

Shiran Viraj
Translate »