mediahumanrights.lk
Local NewsNews

ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

මන්නාරම යුදහමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරලට සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් ගොඩගසා තිබියදී සොයාගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මන්නාරම සවුත්බාර් යුදහමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරලට හඳුනානොගත් සන්නිවේද පෙට්ටියක් ගොඩගසා ඇති බව ප්‍රදේශයේ ධීවරයෙකු දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ වලට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව එම ස්ථානයට පොලීසිය, පොලිස් විශේෂකාර්ය බලකාය සහ නාවික හමුදාව පැමිණ අදාල සන්නිවේදන පෙට්ටිය පරික්ෂා කිරීමට පියවර ග්නනා ලදි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් අදාල පෙට්ටිය පරික්ෂා කිරීමෙන් පසුව අනාවරනය වී ඇත්තේ එය බියවිය යුතු අන්දමේ කිසිවක් නොමැති අතරම එය කාලගුණික විපර්යාසයන්හි වෙනස්වීම් සහ කාලගුණික තත්වයන් පරික්ෂා කිරීම් සඳහා යොදාගත් එකක් බවට සැකකරන බවටය.

එම උපකරණය මුහුදයට නොයන අයුරින් සෘජිෆෝම් පෙට්ටියකට සවිකොට ඇති අත එය කවුරුන් විසින් මුහුදට දැුවේදැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම බොහෝ සෙයින් මෙම පෙට්ටිය නැව්වලින් දමන්නට ඇති බවටද එම උපකරණය ඇමරිකාවේ නිශ්පාදනයක් බවටද යොදා ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

නමුත් උපකරණය මේ වන විට දැඩි අබලන් තත්වයේ පැවතීම හේතුවෙන් දවස් කිහිපයක් මුහුදේ පාවීම හේතුවෙන් මෙලෙස උපකරණයට හානි සිදුවන්නට ඇතැයිද ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදුකරන බවද මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ…

Shiran Viraj

කඩ කලොත් නීති පියවර ස්ථිරයි "විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?

Shiran Viraj

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Shiran Viraj
Translate »