mediahumanrights.lk
News Political

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

කොරෝනා ආසාදතයන් සඳහා භාවිතා කිරීමට බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් ඒ සඳහා තමන් දන්නා තරමින් අනුමැතියක් ලබා දී නැතැයි ද ඇය පැවසුවාය.

කොරෝනා සඳහා ගෙන යන ඕනෑම ඖෂධයක් සඳහා එම ආයතන දෙකේම අනුමැතිය අවශ්‍ය බවද පැවසූ ඇය තවම මෙතෙක් එවන් අනුමැතියක් ලැබී නැති බවද කියා සිටියාය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මෙම ඖෂධය මෙරටට ආනයනය කිරීම සඳහා කොරෝනා මර්ධන තාක්ෂණ කමිටු අනුමැතිය ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇමතිනිය මෙම අදහස් පළ කළා ය.

Related posts

පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර

Shiran Viraj

ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

Shiran Viraj

ශී‍්‍ර ලාංකිකයින් 522ක් විදේශයන්හි සිට කොරෝනා වැළදී මෙරටට පැමිණ ඇතැයි හෙළි වෙයි

Shiran Viraj