27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
News Political

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

පොහොට්ටුව පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ඇමැති ජී. එල්. පීරිස්ද බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි. මීට හේතුවී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය බවද කියවේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ අද්මිරාල් ජයන්ත කොළඹගේය. ජී. එල්. හා කොළඹ ගේ ගැටුම කරළියට පැමිණ ඇත්තේ මීට දවස් දෙක තුනකට පෙරය. ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට යාමට පෙර ඒ වැඩ කටයුතු සූදානම් කිරීමට ජී. එල්. ලන්ඩන් නුවර බල පිටත් වී ඇත. ජී. එල්. මෙම ගමනට ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ අයෙක් වූ ගම්ලත් නැමැත්තකුද සහභාගී කරගෙන ඇත.

නමුත් ලන්ඩන් සිට ස්කොට්ලන්තය බලා යන කණ්ඩායමෙන් ගම්ලත්ගේ නම ඉවත් කර ඇත. ඇමැතිගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ කෙනෙක් රැගෙන යාමට දෙන්න බෑ කියා අද්මිරාල් දුන් නියෝගයකට අනුව ගම්ලත්ගේ නම කැපී ඇති බව කියවේ.

නමුත් ඇමැති ජි .එල්. ගම්ලත්ව ස්කොට්ලන්තය බලා රැගෙන ගොස් ඇත. ‘‘අඩුම ගානේ වයස ගැනවත් හිතන්න තිබුණා. බෑග් එකවත් අරගෙන යන්න කෙනෙක් ගෙනිච්චාම මොකද වෙන්නේ ‘‘ කියා මේ වන විට ඇමැතිවරයාට හිතවත් අමත්‍යංශයේ අය කතාබහ වන බව ආරංචි මාර්ග කියයි.

එකී ආරංචි මාර්ගම වැඩි දුරටත් පවසන්නේ ඇමැතිට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය ගෙනියන්න බෑ කියන අද්මිරල් පසු ගිය දිනක මොස්කවු හී කළ සංචාරයට තමන්ගේ පෞද්ගලිකකාර්ය මණ්ඩලයේ අයෙක් රැගෙන ගිය බවයි. මෙලෙස අමාත්‍යංශ ලේකම්වරයෙක් තමන්ගේ බෑග් එක උස්සගෙන යාමට සහයකයෙක් රැගෙන ගියේ ප්‍රථම වතාවට බවත් කියයි.

මේ දෙදෙනාගේ ගැටුමේ උච්චතම අවස්ථාව උදාවී ඇත්තේ‍ ජනාධිපතිවරයා සිය දේශනය කිරීමට යන විටදීය. දේශනය සඳහා ජනාධිපති සමග ඇතුළට යන්න දෙන්නේ එක් අයකුට පමණි. ‍අද්මිරාල් එතැනදීත් ජී. එල්. ගේ නම කපා ලලිත් වීරතුංගගේ නම දමා ඇත. කෝපය ඉහ වහ ගිය ජී .එල්. බැරිම තැන කෙලින්ම බැසිල්ට ඇමැතුමක් දී සියල්ල මුල සිට කියා ඇත.

– Aruna

Related posts

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

Shiran Viraj

අපරීක්ෂාකාරී ළමා මරණ සඳහා අලාභ අයකර ගන්න නීති හදන්න පියවර

Shiran Viraj

ලාකිකකයන් හැට ලක්‍ෂයකට ආහාර නෑ..- UN අලුත්ම වාර්තාව කියයි..

Shiran Viraj