mediahumanrights.lk
News Political

මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රී

තමන් නැවත බලයට පැමිණියහොත් ගොවීන් අමාරුවෙන් නොදමන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව ගොවියා යොමු කිරීම තම අරමුණ බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ බකමූණ නගරයේ ගොවීන් විසින් අඛණ්ඩ උපවාසයක් සිදු කරන ස්ථානයේදී ගොවීන් සමඟ සංවාදයක යෙදෙමිනි.

ගොවියා ගැන ආණ්ඩුව සමඟ කොතෙක් කතා කළ ද ආණ්ඩුව තමනට ඇහුම්කන් නොදෙන බවද ඒ මහතා පැවසීය.

කිහිප වතාවක් කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ පොහොර ප්‍රශ්නය ගැන කතා කලද යහපත් ප්‍රතිචාර නොලැබුන බවද කී ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා නියරේ යාමට නොදන්න කෙනෙක් යැයිද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ‘ඉවත්වී කා සමග එක්වන්න ද’ යි පෙරලා ප‍්‍රශ්න කලේය.

Related posts

ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

Shiran Viraj

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්

Shiran Viraj

මීට පස්‌සේ අංජු කියන්න එපා…

Shiran Viraj