mediahumanrights.lk
NewsPolitical

අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?

තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික නායකයන් සහ මවුලවිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.

‘එක රටක් එක නීතියක්’ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමෙන් පසු ඒ පිලිබද සාකච්ඡා කිරීම සඳහා මෙම ආගමික නායකයන් අමාත්‍යවරයා හමුවී තිබිණි.

සබ්රි මහතාද මෙම පත් කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කර ඇති අතර ඔහුගේ මතය වී ඇත්තේ අදාළ පත්වීම සෑම ජන වර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක් වනු ඇති බවයි.

එම කාර්ය සාධක බලකාය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් තමන්ට අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කර ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අලි සබ්රි මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පලවන වාර්තා අසත්‍ය බවයි

Related posts

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

Shiran Viraj

ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

Shiran Viraj

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂක වී එයි..

Shiran Viraj
Translate »