26.1 C
Colombo
2026-09-19
mediahumanrights.lk
Local NewsNews

ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණයෙන් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය කුමාර ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ අද වන විට රටතුල වේගවත් එන්නත්කරන ක්‍රියාවලියක් සිදු වුවත් ඩෙල්ටා ව්‍යාප්තිය සමග ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන බවයි.

එන්නත් කරණයෙන් ප්‍රතිශක්තිය ඇති වීමට සති හය ඉක්ම වූ කාලයක් ගතවන නිසා ඩෙල්ටා ව්‍යාප්තිය සමග එන්නත්කරණයෙන් ගත හැකි උපරිම වාසිය ගැනීමට නොහැකිව ඇති බවද ඔහු කියා සිටියි.

පවතින තත්ත්වය මත ඉදිරි සතිය තුළ ආසාදිතයන් වාර්තාවීම තීරණාත්මක වනු ඇති බවත් ඔහු පැවසීය.

බලධාරීන් විසින් නිවැරදි තීන්දු නිවැරදි වෙලාවට නොගතහොත් තත්ත්වය මීට වඩා බරපතළ වනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ජලය පානය පරිස්සමෙන්

Shiran Viraj

මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේ

Shiran Viraj

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Shiran Viraj
Translate »