mediahumanrights.lk
NewsPolitical

ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා කියා සිටී.

කොරෝනා ආසාදනයෙන් සුවපත්වූ පසු ඒ මහතා කියා සිටියේ මෙරට අවසාන පුද්ගලයා ද එන්නත ලබාගන්නා තෙක් තමන් එන්නත ලබා නොගන්නා බවත් තම එන්නත ජනතාවට පරිත්‍යාග කරන බවත්ය.

ඔහුගේ ෆේස්බුක් සටහන මෙසේය.

”මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි”

Related posts

මහින්ද හරිම මිත‍්‍රශීලීයි..රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්-රන්ජන්

Shiran Viraj

චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)

Shiran Viraj

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

Shiran Viraj
Translate »