24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

මංගල ෆයිසර් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..

කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා මර්දනයට ලබා දෙන ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බව වාර්තා වෙයි.

ඔහු කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිට පසුව සුව අතට හැරී තිබින.

රෝහල්ගත කරන අවස්ථාවේ ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වය පසුවුවත් ප්‍රතිකාර වලින් අනතුරුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී තිබේ.

සුව අතට හැරෙමින් සිටින මංගල සමරවීර මහතාට ඊයේ දිනයේ දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් උත්සන්න වීමෙන් ඔහු මරණයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

සමරවීර මහතාට දිගු කාලයක සිට දියවැඩියා රෝගය සහ වකුගඩු දුර්වලතාවයක් තිබී ඇති අතර ඒ සඳහා ද ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

Related posts

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?

Shiran Viraj

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

Shiran Viraj

කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

Shiran Viraj
Translate »