2026-01-13
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයාගේ මෘත දේහ ආදාහනයේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඒ සඳහා මුදල් අය නොකරන ලෙස පළාත් පාලන ආයතන වලට වැය වන මුදල් රජය මගින් පියවර ලබාදීමට පියවර ගන්නා බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේය.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

දේහ ආදාහනය සදහා ආදාහනාගාරවලට අවශ්‍ය ගෑස් ඉතා ඉක්මනින් නොමිලේ ලබාදීමටද රජය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

අද වන විට රටපුරා සක්‍රිය මට්ටමේ ආදාහනාගාර 240 ක ට වැඩි ප්‍රමාණයක් ඇති නිසා අර්බුදයකින් තොරව කොරෝනා මෘතදේහ ආදාහනය කිරීමේ හැකියාව ඇති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.18,670 views

Related posts

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

Shiran Viraj

පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයි

Shiran Viraj

රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂා කර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ලඟදීම

Shiran Viraj
Translate »