2025-12-09
mediahumanrights.lk
NewsPolitical

ප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (26) දින අරලියගහ මන්දිරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට පිරිනමන ලදි.

2021 සැප්තැම්බර් 01 වැනිදා සිට මෙම පත්වීම ක්‍රියාත්මකය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

කර්නල් මංජුලට අධ්‍යාපනයේ මුල් පුටුවක්

Shiran Viraj

කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..

Shiran Viraj

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

Shiran Viraj
Translate »