mediahumanrights.lk
Local NewsNews

පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ විවිධ ස්ථානවලින් පාපැදි සොරකම් කරන ලද පුද්ගලයෙකු සොරකම් කරන ලද පාපැදි 10 ක් සමගින් ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

නෙල්ලිඅඩි පොලීසියට පාපැදි සොරකම් කිරීම් පිළිබඳව ලැබුනු පැමිණිළි කිහිපයක අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පරික්ෂණයක් ආරම්භ කොට නගරයේ සී.සී.ටී.වී. පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදර ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සොරකම් කරන ලද පාපැදි 10 ක් සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූ අතර සැකකරු විසින් සොරකම් කරන ලද පාපැදි ඉතා අඩු මිලකට විකුණා ඇති බවටද තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නෙල්ලිඅඩි ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

වැටුප ගන්නේ නැතැයි කී ට්‍රම්ප් වැටුප ලබාගෙන සඟවයි

Shiran Viraj

තවත් 06කට කොරෝනා.. දැන් 244යි…

Shiran Viraj

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Shiran Viraj
Translate »