mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..

රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ.

මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිත පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙසයි.

චීනයෙන් ඩොලර් බිලියන එක හමාරක්, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්, බංග්ලාදේශය ඩොලර් මිලියන 250 ක් ලෙස මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂිතයි.

ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ලබාගන්නා ගන්නා ඩොලර් මිලියන 650 ණය මුදල විනිමය හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට ද තීරණය වී ඇත.

චීනයෙන් ලබාගන්නා ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව තිබේ.

දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 පමණක් වන අතර එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයනය සඳහා පමණක් බව පසුගියදා රජය ප්‍රකාශ කළේය.

Related posts

‘අපි වසර 15ක් හිරේ යයි..’ ක‍්‍රිකට් ලොක්කෝ කතා වෙති.. අස්වූ ලේකම් තොරතුරු දෙයි..

Shiran Viraj

දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න

Shiran Viraj

තනි තීරණ නොගන්නා බව ජනපති කියයි

Shiran Viraj
Translate »