mediahumanrights.lk
Local NewsNews

සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩකරමින් විවාහ උත්සවයක් සංවිධානය කරන ලද 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

පුද්ගලයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගුරුනගර ප්‍රදේශයේ විවාහ උත්සවයක් පැවත්වෙන බවට නෙල්ලිඅඩි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් අදාල විවාහ උත්සවය පැවති ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත පියවර කඩකරමින් විවාහ උත්සවය පැවත්වූ හෙයින් එයට සහභාගී වූ 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන උත්සවය පැවති ස්ථානයේම නිරෝධායනය කරවීමට පියවර ගත් අතර තවද එයට සහභාගී වූ 50 කට අධික පිරිසක් සොයා පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.

මේ අතර අදාල මංග උත්සවයට සහභාගී වූ මනාල යුව හා පූජකරවරුන් දෙදෙනෙකුත් ඥාතීන් ඇතුලු 53 දෙනෙකු මෙලෙස නිරෝධායනය කරවීමට පයවර ගෙන ඇතැයිද පරික්ෂණ සදුකරන නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලති

Shiran Viraj

මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

Shiran Viraj

ඉන්දියානුවෝ කුපිත වෙති! ඉන්දියාවේ COVID-19 මර්ධනය කළ නොහැකි ලකුණු!

Shiran Viraj
Translate »