mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගෑස් සමාගම් රටම අන්දයි.. මිල වැඩි නොකරයි.. 12.5 සිලින්ඩර නෑ.. අඩු බරට පුරවා වෙන නමකින් එවයි..

මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමට මිල සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය අනුකමිටුව තීරණය කර තිබේ.

මෙරට ප්‍රධාන සැපයුම් කරුවන් දෙදෙනාම ඉල්ලීම් කර තිබුණේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම නිසා මිල ඉහල දැමිය යුතු බවයි.

ඒ අනුව සමාගම් නියෝජිතයන් හා එම අනු කමිටුව අතර පැවති සාකච්ඡාවලදී මිල ඉහල නොදැමීමට තීරණය කර තිබේ.

මේ අතර රට පුරා බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා වන්නේ එම සමාගම්වල කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට නොහැකි බවයි.

12.5 සිලින්ඩරයටම සමාගම් විසින් ලීටර16ක් පුරවා නව හදුන්වාදීමක් ලෙස වෙලදපලට නිකුත් කරන බව අලෙවි නියෝජිතයන් කියා සිටිති.

සැපයුම්කරුවන්ගෙන් 12.5 සාමාන්‍ය සිලින්ඩර ඉල්ලා සිටියද ඒවා නොලැබෙන බවද ඔවුහු කියාති.

පාර්ශව ගණනාවක් චෝදනා කර තිබුනේ නව හදුන්වාදීම මගින් ගෑස් ලීටරයක හෝ කිලෝවක මිල ඉහල දමා ඇති බවත් පාරිභෝගිකයා රැවටීමකට ලක්වන බවත්ය. මෙම තත්වය මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගෑස් සමාගම් වලට නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

lankacnews

Related posts

මට සිදුව ඇත්තේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට වඩා උද්ඝෝෂණ වෙනුවෙන් කාලය වැය කිරීමටයි..- ජනපති

Shiran Viraj

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමත් විභාගයට

Shiran Viraj
Translate »