mediahumanrights.lk
Local NewsNews

කොරෝනා රෝගීන් රෝහල්වල පිරී ඉතිරේ.. ආසාදිතයන් නිවසේ සිට ප‍්‍රතිකාර ක‍්‍රමයකට යෝජනා.. වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්..

මෙරට තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් නිවස තුළ තබා විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කිරීමේ ක්‍රමය මෙරට තුළ ද ආරම්භ කළ යුතු බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියි.

ලොව බොහෝ රටවල් මේ වන විට මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් එනිසා කොරෝනා යැයි සැක කරන පුද්ගලයෙකු ඒ ගැන වෛද්‍යවරු දැනුවත් කර නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීම කාලෝචිත යයිද ඔහු කියා සිටියේය.

කොරෝනා ආසාදිත බව දැනගතහොත් රෝග ලක්ෂණ නැතිනම් එම රෝගියාට නිවසේ සිට ප්‍රතිකාර ලබාගත හැකි ක්‍රමයක් සකස් කලහොත් නිවසේ සිටම ප්‍රතිකාර ලබාගත හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

Related posts

හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…

Shiran Viraj

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට සුවයි

Shiran Viraj

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයි

Shiran Viraj
Translate »