mediahumanrights.lk
NewsSportsSports News

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා ඉදිරි එක්දින තරග සංචාර සඳහා ඇතුලත් කර නොගැනීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය නිසා තිසර පෙරේරා සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

Related posts

සීනි 220යි… පරිප්පු 240යි.. රටම හිගා කනවා.. මොල හතේ මුදල් ඇමති කෝ..

Shiran Viraj

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Shiran Viraj

අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාල

Shiran Viraj
Translate »