2026-01-13
mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයි

 බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගුකළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසැල් සංඛ්‍යාව 492ක් ඇති බවත් ඉන් 412ක් පෙබරවාරි මස 15 වෙනිදා සිට ආරම්භ කිරිමට කිසිදු ගැටළුවක් නොවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් නිර්දේශ කළ බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරිමට නොහැකි තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් කමිටුව සඳහන් කර තිබුණා.

කෙසේ වුවත් ලබන මාර්තු මස 15 වෙනිදා දිවයිනේ සියලුම පාසැල් විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

Related posts

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Shiran Viraj

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj

වැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයි

Shiran Viraj
Translate »