28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

දිස්ත්‍රික් 25ම කොරෝනා – වෛද්‍ය හරිත අලූත්ගේ

 දිස්ත‍්‍රික්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන නිසා දැන්වත් කොරෝනා සමාජගත වී ඇතිද? නැතිද කියා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට සත්‍ය ප‍්‍රකාශ කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පවසයි

එක දිගට දින තුනක්ම දිස්ති‍්‍රක්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තාවී ඇති බවත්, එමගින් කොරෝනා අවදානම වැඩිවීමක් දක්නට තිබෙන නිසා ජනතාවට හරි අවදානම තේරුම් ගැනීමට සෞඛ්‍ය බලධාරීන් නිල වශයෙන් රටට සත්‍යය ප‍්‍රකාශ කළ යුතු බවත් හරිත අලූත්ගේ මහතා කීය.

මේ වන විට වෛද්‍යවරුන් 50 ක් පමණ කොරෝනා රෝගයට ගොදුරු වී රෝහල්වල ප‍්‍රතිකාර ලබන බවත්, තවත් වෛද්‍යවරුන් 200 ක් පමණ නිරෝධායනය වෙමින් සිටින බවත් හෙතෙම පැවසීය. දෙවැනි කොරෝනා ව්‍යාප්තිය සමග වෛද්‍යවරුන් 100 කට පමණ කොරෝනා වැළඳුනු බව කී අලූත්ගේ මහතා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ බැලීමේදී සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් සිටින බවද කීය.

පවතින තත්ත්වය ගැන සත්‍ය ප‍්‍රකාශ නොකරන්නේ නම් පෙබරවාරි මැද පමණ වන විට කොරෝනා රෝගීන් වාර්තාවීමද වැඩිවිය හැකි බවට ඒ මහතා අවධාරණය කර සිටී.

එංගලන්ත අගමැතිවරයා පවා නව කොරෝනා ප‍්‍රභේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සත්‍ය ප‍්‍රකාශ කර තිබෙනව බව ද අලූත්ගේ මහතා පෙන්වා දුන්නේය. පවතින තත්ත්වයෙන් යම් අඩුවීමක් ඇතිකර ගැනීමට කොරෝනා එන්නත මගින් අපේක්‍ෂා කළත් රෝගීන් හඳුනාගැනීම සඳහා දැනට සිදුකරන දෛනික පී.සී.ආර්. ප‍්‍රමාණය 15,000 සිට 20,000 දක්වා වැඩිකර ගැනීම අනිවාර්යයෙන් ම සිදුකළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

noizetv

Related posts

අගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියි

Shiran Viraj

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Shiran Viraj

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

Shiran Viraj
Translate »