mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ වෙත යෑමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ දැක්වේ.

ලබන මස අගදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙම වාර්තාව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2020) පෙබරවාරි මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමෙන් අනතුරුව සුළුතර ජාතීන් කෙරෙහි එල්ල කරන ප්‍රචණ්ඩත්වය සහ වෙනත් බලපෑම් විශාල ලෙස වැඩි කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. එසේම සිවිල් සමාජ ක්‍රියාකාරින්ට එරෙහිව සිදු කෙරෙන බියගැන්වීම් මෙන්ම මෑත කාලීනව සුළුතර මුස්ලිම් ප්‍රජාවට එල්ල කෙරෙන පීඩනයන්ද මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමු විය යුතු බව මහකොමසාරිස්වරිය අවධාරණය කර ඇත. මෙම තත්ත්වයට පිළිතුරු ලෙස එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නිශ්චිත පියවරයන් කිහිපයක් ගත යුතුව ඇති බවද ඇය පෙන්වා දී තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය සහ තවත් පාර්ශ්ව කීපයක් ඒකාබද්ධව මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වේ. කෙසේ වෙතත් එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් හෝ විරෝධය පළකිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව මේ වන විටත් තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය 2020 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා පැවැත්වීමට නියමිතය.

lankacnews

Related posts

වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

Shiran Viraj

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

Shiran Viraj

මියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේ

Shiran Viraj
Translate »