24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනා

බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී (06) දා තහවුරු වි ඇතැයි බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

ඉකුත් 3 වැනිදා රාත්‍රියේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී වැන් රථයක් පෙරලිමෙන් සිදු වු අනතුරකින් එම දරැවා ඇතුළු 14 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කෙරිණි. එම අනතුරින් මෙම දරැවාගේ හිසේ සහ පාදයේ ඇති වු බරපතළ තුවාල හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරැ කර ⁣යවා තිබුණි.

පසුව බදුල්ල මහා රෝහලේ දි සිදු කර ඇති කොරෝනා පරික්ෂණයේදී එම වයස අවුරැද්දයි මාස හතරේ දරැවාට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ.

බලන්ගොඩ දෙහිගස්තලාව සහ ගොරක්ගහමඩ ප්‍රදේශවල පදිංචි එම දරැවාගේ මවගේ සහ පියාගේ පවුල්වල සාමාජිකයින් 10 දෙනෙකු (06) දා ස්වයං නිරෝධායනයට යෙමු කිරිමට කටයුතු කල බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පැවැසීය .

Related posts

දේශීය සහල්වලට අද සිට වෙනම පාලන මිලක්

Shiran Viraj

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj

ආරක්ෂක ලේකම්ගේ අනාවැකිය පළ දරයි – උපවාසකරුවන් දින 5න් නැගිටියි

Shiran Viraj
Translate »