2026-02-14
mediahumanrights.lk
Local NewsNews

ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..

ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා ගත යුතු අනුමැතිය රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුවෙන් (Ethics committee) නොලැබීම හේතුවෙන් බව වාර්තා වේ.

මෙම අනුමැතිය රජරට වෛද්‍ය පීඨ කමිටුවෙන් ලබා ගත යුතුයැයි තීරණය වී තිබුනේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදීය. රජරට වෛද්‍ය පීඨ කමිටුව කාර්යක්ෂම ලෙස අයදුම්පත සලකා දින දෙකක් තුළ තීරණයක් ලබා දේයැයි පැවති විශ්වාසය නිසා ඔවුන්ට එම වගකීම පැවරුවද සති 3 ආසන්න කාලයක් විවිධ හේතු දක්වමින් ඔවුන් අවසන් තීරණයක් ලබා දීම කල් මරමින් ඇත.

මීට ආසන්නම හේතුව එම වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙක් පැණිය පිලිබඳ පරීක්ෂණයට අනුමැතිය නොදෙන ලෙස පවසමින් සිදු කරන අයුතු බලපෑම් බවද පැවසේ.

පැණියේ හොඳ නරක සතියක් ඇතුලත පරීක්ෂා කර රටට හෙළි කිරීමට ආරම්භයේ දී සැලසුම් කලද ඒ සියල්ල අඩාල වුයේ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය කමිටුවේ අලස, පක්ෂපාතී ක්‍රියා කලාපය නිසා බව චෝදනා එල්ල වෙමින් පවතී.

යම් හෙයකින් පැණියේ ගුණයක් ඇතිනම් එහි ප්‍රතිපල රටට ලබා ගත නොහැකි වීමේ වගකීමත්, එහි ගුණයක් නැතිනම් රටේ අනවශ්‍ය පැණි පොකුරක් ඇති වීමේ වගකීමත් පරීක්ෂණ හිතා මතා ප්‍රමාද කල රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුව භාර ගත යුතු බව චෝදනාවක් එල්ල වී ඇත.

– ඩී.එම්. විජේරත්න

lankacnews

Related posts

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

Shiran Viraj

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Shiran Viraj

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

Shiran Viraj
Translate »