28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේ

කොවිඩ් 19 වෛරසයට තමන් ඖෂධයක් නිෂ්පාදනය කළා යැයි පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පුවත්පතකට සඳහන් කර තිබේ.

මෙසේ එම වෛරසය ආසාදනය වී ඇත්තේ වරකාපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවක් සහ ඇගේ අවුරුදු 05ක් වූ දරුවකු ඇතුළු පස් දෙනෙකුට බවත් තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇති බවත් ඒ මහතා පවසා ඇති අතර සෞඛ්‍ය බලධාරීන් විසින් එම ආසාදිතයන් මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවද ඒ මහතා පවසා ඇත.

නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද ඒ මහතා පවසා ඇත.

සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නැයි ඉතා ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය හරිත අලුත්ගේ පවසා තිබේ.

gossiplankanews

Related posts

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Shiran Viraj

සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

Shiran Viraj

ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

Shiran Viraj
Translate »