2026-01-23
mediahumanrights.lk
Local NewsNews

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි.   

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කලේ අද අලුයම යෙදී තිබූ සුභ නැකතකට අනුව චාරිත්‍රානුකූලව සිරිපා වන්දනා සමය ආරම්භ කළ බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉතා සීමිත පිරිසක් පමණක් උඩමලුවේ චාරිත්‍ර සඳහා සහභාගී කරවාගනු ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා බැතිමතුන්ට දැනුම් දෙන්නේ හැකිතාක් ජනවාරි මාසයේදී සිරිපා වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙසයි.

සිරිපා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩ සලසා ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

gossiplankanews

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

Shiran Viraj

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප නැති කළහොත් මරාගෙන මැරෙනවා: හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක

Shiran Viraj

ලබන වසරේ ඔබට ලැබෙන්න යන නිවාඩු 26 ගැන දන්නවාද?නැත්තම් දැන්ම බලන්න

Shiran Viraj
Translate »