30 C
Colombo
2026-02-19
mediahumanrights.lk
NewsPolitical

මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ඇය පෙන්වා දෙන්නේ පස හරහා හෝ ජලය හරහා කොරෝනා වෛරසය පැතිරෙන්නේ නැතැයි ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති බවයි.

එමෙන්ම සහශ‍්‍ර ගණනාවක් තිස්සේ ඉස්ලාම් ආගමිකයන් විශ්වාස කරන ලද ඔවුන්ගේ ආගම ධර්මය සංස්කෘතියට විරුද්ධව එම දේහයන් ආදාහනය නොකළ යුතු බවද එය ඇය කියා සිටී.

සෑම පුද්ගලයෙකුටම තම ආගම ධර්මය අනුව ජීවත් වීමට අයිතියක් ඇතැයි ද එය මූලික මිනිස් අයිතිවාසිකම් ද ඇය පවසයි.

එනිසා කිසිදු පදනමක් නැතිව මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් බලහත්කාරයෙන් ආදාහනය නොකර රජයක් ලෙස විද්‍යානුකූල පදනමෙන් තීන්දු ගත යුතු බවද ඇය පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් ආදාහනය කිරීම මුස්ලිම් ජනතාවගේ මානව අයිතිවාසිකම් දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් බව ද බවත් සදහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.

Related posts

ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමති

Shiran Viraj

EPF කළමණාකරණයට ඉන්දියා සමාගමක් එයි.. කැබිනට් අනුමැතිය..

Shiran Viraj

දැනෙන වෙනසක්": අවසන් තීරණය අද

Shiran Viraj
Translate »