mediahumanrights.lk
NewsPolitical

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

මහර බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් ගැන පුළුල් පරීක්ෂණ කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිදුවීම කුමන්ත‍්‍රණයක් යයි පවසමින් ඇමති විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් ප්‍රකාශ නිකුත් කර තිබීම හේතුවෙන් එහි සත්‍යතාවය සොයාගැනීමට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස සිදුවීමෙන් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ඇමතිවරුන් දෙදෙනාගෙන් එම ප්‍රකාශ ගැන විමර්ශනය කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඔවුන් ගෙන් ලබාගන්නා ප්‍රකාශයන් එළැඹෙන 8 වෙනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් නියෝග කර ඇත.

Related posts

පිළිකා රෝගීන්ගේ අපේක්ෂා ඉටුකරමින් පෙට් ස්කෑන් යන්ත්‍රය අද ජනතා අයිතියට

Shiran Viraj

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Shiran Viraj

රාජස්ථාන් ක්‍රීඩකයෝ බැංගලෝර් යළි පහළට දමති

Shiran Viraj
Translate »