mediahumanrights.lk
Local News News

අනීතික / අවනීත රියදුරන් ඇල්ලීමට අද සිට විශේෂ මෙහෙයුමක්

රිය අනතුරු අවම කිරීම ප‍්‍රධාන අරමුණ කරගත් විශේෂ පොලිස් මෙහෙයුමක් අද සිට මුලු දිවයිනම ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කොවිඩ් 19 සමයේ රිය අනතුරු අවම මට්ටමක තිබුණ ද හුදෙකලා කිරීම් ඇතුළු සංචරණයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග යළි රිය අනතුරු වැඩි වී ඇති බව ඉකුත් දින වල සිදු කල දත්ත අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බවත් මෙම සියළු දත්ත සැලකිල්ලට ගනිමින් අද සිට විශේෂ රථවාහන මෙහෙයුම් අරඹන බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කලේය.

lankaleadnews

Related posts

විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..

Shiran Viraj

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

Shiran Viraj

දුම්රිය ප‍්‍රමාදයට හේතුව ආර්ථික අර්බුදයයි…- සාමාන්‍යාධිකාරී

Shiran Viraj