32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

නිශාන්ත සිල්වා රටින් පනින බව, මුළු සීඅයිඩීයම කල්තියාම දැනගෙන ඉඳලා

රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා තම යතුරුපැදිය සහ පිස්තෝලය කල්තියා භාර දී විදේශගත වන බව මුළු රහස් පොලිසියේම නිලධාරීන් දැන සිටි බව රජයට හෙළි වී ඇත.

ඔහු සහ පවුලේ අය කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ එහි සිටි රහස් පොලිස් නිලධාරීන් ගුවන්ගත වීමට ඉඩ දී තිබේ.

ආරක්‍ෂක ලේකම් සහ පොලිස්පතිගේ අවසරයකින් තොරව නිශාන්ත සිල්වා විදේශගත වී ඇති අතර ඔහු ස්විට්සර්ලන්තයට යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද දැන සිටි බව අනාවරණය වී ඇත.

මේ අතර නිශාන්ත සිල්වා මෙරටට එවන ලෙස ශී‍්‍ර ලංකා රජය කළ ඉල්ලීමට ස්විස් රජය මේ දක්වාම ප‍්‍රතිචාර දක්වා නැත. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ නිශාන්ත සිල්වා පිටුවහල් කිරීමෙන් වළකින ලෙස මානව හිමිකම් කවුන්සිලය ස්විස් රජයෙන් ඉල්ලා ඇති බවයි.

lankaleadnews

Related posts

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Shiran Viraj

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

Shiran Viraj

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

Shiran Viraj
Translate »