mediahumanrights.lk
Local NewsNews

කොරෝනා නිසා ශී‍්‍ර ලංකාව අනාරක්ෂිත තත්ත්වයකට

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම සඳහා සිදු කරන පී සී ආර් පරීක්ෂණවල වාර්තා ලැබීම යම් ප‍්‍රමාදයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, පරීක්ෂණ සඳහා යොමු කෙරෙන සාම්පල ප‍්‍රමාණය වැඩි වීම සහ පවත්නා සුළු ගැටළු කිහිපයක් හේතුවෙන් පී සී ආර් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේදී යම් ප‍්‍රමාදයක් සිදුවන බවයි. කෙසේවෙතත් පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම කිසිසේත් නවතා දමා නොමැති බවද ඔහු අවධාරණය කළා.

පවතින ගැටලූවලට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළා.

මේ අතර නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කොට තිබෙන පී සී ආර් පරීක්ෂණ යන්ත‍්‍රයේ ඇතිව තිබු තාක්ෂණික දෝෂය පැය 10කට පසුව අනාවරණය කර ගැනීමට හැකිවූ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර සිටිනවා.

මෙම යන්ත‍්‍රය අකර්මන්‍ය වීම හේතුවෙන් මෙරට පී සී ආර් පරීක්ෂණ ප‍්‍රථිපල ලබාදීමේ ප‍්‍රමාදයක් ඇතිවූ අතර ඒ අනුව චීනයේ සිට තාක්ෂණික කණ්ඩායමක් රාජතාන්ත‍්‍රික ඉල්ලීමක් අනුව මෙරටට පැමිණ එම යන්ත‍්‍රය සැකසීමේ කටයුතු ආරම්භ කළා. යන්ත‍්‍රය යලි සැකසීමෙන් අනතුරුව එහි නිවැරදි භාවය සහතික කිරීම සඳහා පරීක්ෂණ වට කිහිපයක් සිදුකිරිමට නියමිතයි. එමෙන්ම මෙම යන්ත‍්‍රය ලබන සඳුදා සිට නැවත පරීක්ෂණ සඳහා යොදා ගත හැකි බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දසදහසේ සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් පී සී අර් පරීක්ෂණ පන් ලක්ෂ 12,735ක් සිදු කර ඇති අතර ඊයේ දිනය තුළ පමණක් සිදු කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 11,999ක්. 

nethnews

Related posts

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

Shiran Viraj

තනි රෝදෙන් බයික් එක පදින හැටි යාළුවාට වීඩියෝ කරන්න කියා මරුදුටු තරුණයා

Shiran Viraj

ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්‍රශ්න කරනවා

Shiran Viraj
Translate »