26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

Pfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?

ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer  සමාගම මඟින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට සැළසුම් කරන Covid-19 එන්නත අසාර්ථක වන ලකුණු පහලවෙමින් පවතී.

තවමත් 3 වන පර්යේෂණ මට්ටමේ පවතින මාත්‍රා 2 කින් යුත් මෙම එන්නත පුද්ගලයින් 43,538 දෙනෙකුට විද ඇති අතර එය 90%ක සාර්ථකත්වක් පෙන්නුම් කර ඇති බව නිෂ්පාදකයින් පවසයි.

වඩා අවාසිදායක කාරණය වන්නේ Pfizer ගේ එන්නත -75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු වීමයි.

බොහෝ අප්‍රිකානු, ලතින් ඇමරිකානු මෙන්ම ආසියාතික රටවල ද මෙම ගබඩා පහසුකම් නොමැති අතර අලුතින් එම පහසුකම් සම්පාදනය කර ගැනීම සදහා එම රටවල් වලට විශාල වියදමක් දැරීමට සිදුවනු ඇත. එය තවත් වෙළඳ මගඩියක් වීමට ද බොහෝ දුරට ඉඩ ඇත.

ඇමරිකානු ජන මාධ්ය මඟින් මෙහි සාර්ථකත්වය පිළිබඳව පුලුල් ප්‍රචාරයන් ලබා දුන්නද, තවත් විශාල ප්‍රශ්ණ රාශියක් අතරට ජර්මනියට මෙහි ඇති අයිතිය පිළිබඳව ද ගැටලුකාරී තත්වයක් පැන නැගෙමින් පවතී.

ඒ අතරට මෙහි ඇති අතුරු ආබාධ, පසු ආබාධ, ආසාත්මිකතාවයන් වැනි සංකීර්ණ කරුණු පිලිබඳ පර්යේෂණවල ප්‍රතිඵල තවමත් හෙළිදරව් කර නොමැති අතර Pfizer සමාගමේ ප්‍රධාන විධායක Albert Bourla පවසන්නේ ඉදිරි සති කිහිපය ඇතුලත එම තොරතුරු හෙළිදරව් කරන බවයි.

මෙම එන්නත පිළිබඳව ඇමරිකාවේ කර ඇති ජනමත විමසීමකදී, 62%ක්ම පවසා ඇත්තේ “ආහාර සහ ඖෂධ පිළිබඳ ඇමරිකානු පරිපාළනය” මෙය කඩිමුඩියේ අනුමත කිරීමට උත්සාහ දරණු ඇති බවයි. එම සමීක්ෂණයේ දී මෙම එන්නත ස්ථිරවම විද ගන්නා බව පවසා ඇත්තේ 21%ක් පමණි.

මේ අතර ඇමරිකාවේ වසංගත රෝග විශේෂඥයකු වන William Haseltine පවසන්නේ නිෂ්පාදකයින් මෙහි පර්යේෂණ වාර්තා විවුර්තව හෙළිදරව් කළ යුතු බවත් එම තොරතුරු ස්වාධීන කන්ඩායම් වල අධ්යයනය සඳහා විවුර්ත කිරීමෙන් එන්නත මෙන්ම නිෂ්පාදකයා පිළිබඳව ද මහජන විශ්වාසය තහවුරු කළ හැකි බවත්ය.

ඒ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රවුර්තිය ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර ප්‍රසිද්ධ කිරීමට හැකියාව තිබියදී Pfizer සමාගම විසින් හිතාමතාම එම ප්‍රවුර්තිය චන්දය අවසන් වනතෙක් පමා කර ඇති බවයි. බහුජාතික සමාගම් රටවල්වල දේශපාළනයට බළපෑම් කරන ආකාරය මින් සිතාගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න.

https://www.rt.com/news/506274-pfizer-covid-vaccine-unknowns-concerns/
https://www.rt.com/uk/506443-boris-gates-pharma-vaccines-military/

Related posts

කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..

Shiran Viraj

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

Shiran Viraj

දිගින් දිගටම දික් ගැස්සුණු දුම්රිය වර්ජනය අවසන් – Video

Shiran Viraj
Translate »