mediahumanrights.lk
Local News News

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

‘පෙරේදා මාධ්‍ය සාකච්ඡුාවක් කැදවා බෝගම්බර සිරගෙදර නීරෝධායන මධ්‍යස්ථානය නගරයට අවධානම් බව කල් තියා දැණුම් දුන්නා. ඊයේ රාති‍්‍රයේ නීරෝධායනයේ සිටි අයෙක් සිර ගෙදරින් පැන ගිහිල්ලා. දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මහනුවර නගරය අවධානමකට ලක්කිරීම පිළිබදව අපි බෞද්ධයන් වශයෙන් කම්පා වෙනවා’ යයි අද (18* පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පවසා සිටියේය.

‘මහනුවර බෝගම්බර සිරගෙදර අපේ රජය කාලයේ හිස් කෙරුවා. හිස් කරලා එම භූමිය සංවර්ධනය කරන්න සැළසුම් සකස් කෙරුවා. කඩ සාප්පු, එළිමහන් රංග පීඨ, සිනමා ශාලා, හස්ථ කර්මාන්ත සදහා කුටි, ජනතාවට නිදහසේ දවසක් ගත කල හැකි ආකාරයෙන් සංවර්ධනය කරන්න සැළසුම් සකස් කෙරුවා. නමුත් දැන් මේ බෝගම්බර සිරගෙදර වහලා තිබුණු නිසා නීරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කරලා.

මම පෙරේදා මාධ්‍ය සාකච්ඡුාවක් කැදවලා කිව්වා මේ නීරෝධායන මධ්‍යස්ථානය කාල බෝම්බයක්, මොකද මහනුවර නගරය මැද, එක පැත්තකින් මධ්‍යම වෙළ`දපොල, තව පැත්තකින් බස් නැවතුම්පල, දුම්රිය ස්ථානය නිසා. දැන් ඊයේ ? කොවිඞ් ආසාධිතයින් හිරගෙදරින් පැන යන්න උත්සාහ කරපු එක් අයකු මිය ගිහිල්ලා. එක් අයකු රෝහල්ගත වෙලා. අනෙක් පුද්ගලයා හිරගෙදරින් පැනලා ගිහිල්ලා.

ගරු කථානායකතුමනි මේ ස්ථානය නීරෝධායන මධ්‍යස්ථානයකට කොහෙත්ම සුදුසු නෑ. වහාම මේ නීරෝධායන මධ්‍යස්ථානය මෙම ස්ථානයෙන් ඉවත් කරන්න.

ඒ වගේම සිරගෙදර වැඩකරන නිළධාරින් 50 ක් පමණ ඉන්නවා. ඒ අය දිනපතා නගරයට එනවා ආහාර අවශ්‍යතා සදහා. මේක විශාල ප‍්‍රශ්ණයක්. කැබිනට් මණ්ඩලයවත් කථා කරලා මේකට විසදුමක් ලබාදෙන්න. මොකද දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින නගරය මෙලෙස අනතුරට පත් කිරීම පිළිබද බෞද්ධයන් වශයෙන් අපි කම්පා වෙනවා.

—–

‘යහපාලන රජය කාලේ බෝගම්බර ෙඓතිහාසික සිරගෙදර හා එම අක්කර 5 ක භූමිය සංවර්ධනය ආරම්භ කරා. එහි සිටි සිරකරුවන් වෙනත් සිරගෙදරකට මාරු කරලා එම භූමිය හිස් කර විශාල සංවර්ධනයක් එහි ආරම්භ කරන්න සැළසුම් කෙරුවා. නමුත් වත්මන් රජය මේ සියල්ල අමතක කරලා එම ස්ථානය අද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කරලා තියෙනවා. මුලදි සිරකරුවන් 100 කින් පමණ ආරම්භ කෙරුවත් අද සිරකරුවන් 800 ක් පමණ එම ස්ථානයේ ඉන්නවා. අපිට ලැබෙන තොරතුරු අනුව කොවිඞ් ආසාධිතයන් 150 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ ස්ථානය තියෙන්නේ නගරය මැද. මෙහි සේවය කරන අය දිනපතා තම ආහාර අවශ්‍යතා සදහා මහනුවර නගරයට එනවා. බෝගම්බර සිරගෙදර තුල ආරම්භ කරපු මේ නීරෝධායන මධ්‍යස්ථානය මුළු නගරයටම, දිස්ති‍්‍රක්කයටම විශාල තර්ජනයක්. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ නීරෝධායන මධ්‍යස්ථානය වහාම වෙනත් ස්ථානයකට රැුගෙන යන්න කියලා. මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡුාවක් පවත්වලා නෑ. හිතුවක්කාර ලෙස සිරකරුවන් 800 ක් පමණ මේ මධ්‍යස්ථානයට දාලා මුළු නගරයටම කොවිඞ් වෛරසය ව්‍යාප්තවීමට අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා.

පසුගිය කාලේ අපි බලාපොරොත්තු උනේ මෙම ස්ථානය සංවර්ධනය කරලා එලිමහන් රංග පීඨය,උඩරට හස්ත කර්මාන්තය සදහා ඉඩ ලබාදීමට, රැකියාවල් 5000 ක් පමණ මෙම ස්ථානයෙන් අපි බලාපොරොත්තු උනා. නමුත් අද මේ සේරම නවත්තලා, නීරෝධයට මධ්‍යස්ථානයක් බවට පත් කරලා මුළු නගරයම අනතුරකට ලක් කරලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා වහාම මෙම නීරෝධායන මධ්‍යස්ථානය මෙම ස්ථානයෙන් ඉවත් කරන්න කියලා.

පසුගිය අවුරුද්ද පුරාවටම වත්මන් රජය කාලය ගත කලේ කොරෝනා පාලනය කරනවාට වඩා ඡුන්දය ජයග‍්‍රහණය කරන්න හා 20 වන ව්‍යවස්ථාව සංශෝධනය සදහා මුළු අවුරුද්දම කාළය ගතකෙරුවේ මේවාට. කොරෝනා පාලනයට දුන්නේ 3 වන තැන. දැන් බලන්න තායිවානය කියන ¥පත, චීනයට ආසන්න රටක් ලංකාවට ආසන්න ජනගහණයක් ඉන්න රටක්. ඒත් ජනවාරි මාසයේ සිට අද දක්වා රෝගීන් ඉන්නේ 602 ක් සහ සිදුවී ඇති මරණ ගණන 7 යි. ඒ වගේම පසුගිය දින 200 පුරාවටම එක කොරෝනා රෝගියෙක්වත් වාර්ථා වෙලා නෑ. ටයිවාන් ¥පත සම්පූර්ණ සාමාන්‍ය තත්වයේ තියෙන්නේ. මෙයට ප‍්‍රධාන හේතුව තමයි මේ අය ජනවාරි මාසයේ ගුවන් තොටුපල වැහුවා. ඒ නිසයි සාර්ථකව රෝගය පාලනය කරගත්තේ.

රජයට ජනවාරි 22 කට ආසන්න දිනයක අපි කිව්වා ගුවන් තොටුපල වහන්න කියලා නමුත් ගණන්ගත්තේ නෑ. රජයට අවශ්‍ය වුනේ නාම යෝජනා කැ`දවලා ඒ කටයුතු කරන්න. අද රජය හිතුවක්කාර ලෙස වැඩ කරලා ජනතාවට බනිනවා. කියන්න කණගාටුයි ලෝකයේ කිසිම නායකයෙන් කොරෝනා ගැටළුව ගැන තම රටේ ජනතාවට දොස් කියලා නෑ. නමුත් අපේ රටේ නායකයා ඉතිහාසගත වෙනවා ලෝකයේ ඉන්න එකම නායකයා තම ජනතාවට දොස් කියපු. නමුත් මම ඒ අයට මතක් කරන්න කැමතියි කොවිඞ් පළමු රැුල්ල එක්තරා මට්ටමකට පාලනය කෙරුවාම ඒ ගෞරවය ආණ්ඩුව ගත්තා. දෙවෙනි රැුල්ල අසාර්ථක උනාම ජනතාවගේ වැරැද්ද කිව්වා. පරණ කථාවක් තියෙනවා දින්නාම අපි, පැරදුනාම තොපි කියලා. 1972 මට මතකයි සම`ගි පෙරමුණ ආණ්ඩුව පැරදුනාම එවකට ඇමතිවරයෙකුට දොස් පැවරුවා. ඒ ඇමතිවරයා තමයි කිව්වේ දින්නාම අපි, පැරදුනාම තොපි කියලා. එදා ඒ ප‍්‍රතිපත්තිය තමා අද මේ රජය කි‍්‍රයාත්මක කරන්නේ. අපි කණගාටු වෙනවා 69 ලක්ෂයක් ඡුන්දය දුන් ආණ්ඩුව ජනතාවට දොස් පැවරීම ගැන’

lankacnews

Related posts

ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයි

Shiran Viraj

බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

Shiran Viraj

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්

Shiran Viraj