32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

බස්නාහිර පලාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක කදිර් සෙල්වම් ජේ.ගනේෂ් මහතා පැවසිය.

දිපාවලි උත්සවයෙන් පසු අසාදිතයන් මේ (17 , 18 ) යන දෙදින බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන , බ්‍රිඩ්වෙල් , කොටියාගල , නොර්වුඩ් පොලිස් වසමට අයත්  වෙන්චර් සහ ටිලරි යන වතු වලට පැමිණිමෙන් පසු එම පිරිස ස්වයං නිරෝදනයට යොමු කර (24) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයෙන් පසු පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන් අතර එක් තරුණියක්ද සිටින බවත් , එම ආශ්‍රිතයන් පස් දෙනාගේ පවුල් වල සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝදනයට යොමු කල බවත් , එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිර් සෙල්වම් ජේ ගනේෂ මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් පස් දෙනා නිරෝදායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ 

Lankacnews

Related posts

ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්

Shiran Viraj

ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…

Shiran Viraj

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..

Shiran Viraj
Translate »