mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සිදු වන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේවෙතත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ ප‍්‍රකාශ කළේ වැඩි මිලට සහල් අළෙවි කරන වෙළඳුන් සොයා ලබන සදුදා සිට වැටලීම් ආරම්භ කරන බවයි. ඉකුත්දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ දැක්වුණේ කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල රුපියල් 89 ක් ලෙසයි. නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 92 ක උපරිම විකුණුම් මිලක් නියම කර තිබෙනවා. එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල වන්නේ රුපියල් 94 ක් වනවා. 

nethnews

Related posts

පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනී

Shiran Viraj

මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…

Shiran Viraj

මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ වගකීමක් බව ජනපති පවසයි

Shiran Viraj
Translate »