23.9 C
Colombo
2026-02-22
mediahumanrights.lk
NewsPolitical

කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් නිර්දේශ කර‍යි – කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක්

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. 

මෙම වෛරසය අප ජලයේ ඇති බවට ලොව පුරා සිදුකළ පරීක්ෂණවලදි දැනටමත් තහවුරු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ ශ‍්‍රී ලංකාව තුලදී ද, විශේෂ සොයා බැලීමක් සිදුකළා. 

එහි සාමාජිකාවක් ලෙස කටයුතු කළ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේගෙන් නෙත් නිවුස් පවතින තත්ත්වය සම්බන්ධයෙන් විමසීමක් කළා. 

සෙසු රටවල තත්ත්වය හා ශ‍්‍රී ලංකාවේ තත්ත්වය වෙනස් බැවින් වෙනත් රටක් අනුගමනය කරන ක‍්‍රමවේද මෙරට තුළ එලෙසින්ම කි‍්‍රයාත්මක කළ නොහැකි බවයි මහාචාර්යවරිය පැවසුවේ. ඇය පෙන්වා දෙන්නේ මෙරට භූගත ජලය පොළව මට්ටමේ සිට ඉතා සීමිත ගැඹුරකින් පවතින බවට තහවුරු වී ඇති බවයි. 

මෙරට ජනතාව බහුල වශයෙන් ළිං ආශ‍්‍රිතව තවදුරටත් සිය ජල අවශ්‍යතා සපුරා ගන්නා බැවින් පවතින තත්ත්වය අවදානම් බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළේ. 

කොරෝනා වෛරසය ආසාදිතය මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය ආශි‍්‍රතව පැය 14 කට පසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයකදී ද වෛරසය එම මෘත ශරීරයේ තිබී ඇතැයි හඳුනාගෙන ඇති බව මෙහිදී පෙන්වා දුන්නා. එබැවින් පුද්ගලයෙකු මියගිය සැනින් වෛරසය විනාශ නොවන බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළේ. 

කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම් වැසියන්ගේ සිිරුරු භූමදානය කිරීමට අවසර ලබාදිය යුතු බවට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කථාබහක් ඇති වුණා. ඒ අනුවයි ඊට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට මහාචාර්ය මෙත්තිකා විතානගේ ද සාමාජිකාවක් වන විද්වත් කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළේ. 

nethnews

Related posts

දොස්තරලාට වැටුප් වර්ධකයක්.. ජනපති එකග වෙයි..

Shiran Viraj

භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…

Shiran Viraj

ටින් මාලු යළිත් වරායේ හිර වේ

Shiran Viraj
Translate »