27.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකු ද අයත්.

මට අමතරව ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙන ප්‍රදේශ වන්නේ :

ගම්පහ 09, කඳාන 02, මහර 34, බියගම 18, මිනුවන්ගොඩ 01, කැලණිය 16, වත්තල 03, පෑලියගොඩ 03, රාගම 02ක් සහ කඩවත 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 61) : කොළඹ (1-15) 32, කොළඹ නගර සභාවේ සේවකයින් 09ක්, කහතුඩුව 01, කොළොන්නාව 12, වැලිපිල්ලෑව 02, රාජගිරිය, මොරටුව, හෙල්තොට සහ අළුබෝමුල්ල යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 22) : වරකාපොළ 11, අරණායක 10, යටියන්තොට 01.

ගාල්ල දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 10) : ගාල්ල 09 / හික්කඩුව 01.

රත්නපුර දිස්ත්‍රික්කය : ආසාදිතයින් 04

කුරුණෑගල දිස්ත්‍රික්කය : ආසාදිතයින් 04

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින්  43ක් ද කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වී ඇත.

nethnews

Related posts

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Shiran Viraj

උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..

Shiran Viraj

IGP පූජිත – DIG ලාගේ ෆෝන් ටැප් කරලා! – ජනපතිගේ ආරක්ෂාවටත් තර්ජනයක්…?

Shiran Viraj
Translate »