2026-07-03
mediahumanrights.lk
Local NewsNews

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දිනපතා බන්ධනාගාරගත කෙරෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළයාම හේතුවෙන් බන්ධනාගාර තුළ දැඩිතදබදයක් ඇතිවීමත්, මත්ද්‍රව්‍ය භාවිතය සදහා ඇබ්බැහිවන ප්‍රමාණය ඉහළයාමෙන් ඇතිවෙමින් පවතින සමාජ ව්‍යවසනයන් සදහා විසදුම් සෙවීමට පුනරුත්ථාපන කටයුතු අරමුණුකරගත් මූලෝපායික සැලසුම්වලින් යුක්ත පුළුල් ජාතික සැලස්මක් සකස් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර ගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය,  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය,ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය,. ශ්‍රී ලංකා පොලීසිය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය, ශ්‍රී ලංකා මානසික වෛද්‍ය විද්‍යාලය, මධ්‍යසාර සහ ඖෂධ පිළිබද තොරතුරු ,මධ්‍යස්ථානය යන ආයතනවල නියෝජනයෙන් යුක්තය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැදවියන්ගෙන් ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් බන්ධනාගාර තදබදය සදහා විසදුම් සෙවීමටත් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවන පිරිසෙන් බහුතරය තරුණ පිරිසවීම නිසා ඔවුන්ව වි‍ශේෂ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකිරීමට අවශ්‍ය නීතිමය ගැටළු විසදාගැනීම සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ සමග රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්රුනාන්දුපුල්ලේ මීට පෙර පැවැත්වූ සාකච්ඡාවෙන් පසු අධිකරණ ඇමතිවරයා විසින් නීතිමය කටයුතු සම්බන්ධයෙන් කමිටුවක් පත් කරනු ලැබුවා.

එම සාකච්ජාවේ ප්‍රථිපලයක් ලෙස ඉහත සදහන්කල ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවේ පැවැති දෙවැනි සාකච්ඡාවෙන් අනතුරුව තෙවැනි සාකච්ඡාව ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය  විශේෂඥ වෛද්යත සුදර්ශිනී ප්රීනාන්දුපුල්ලේ ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවෙදී ඇමතිවරිය විසින් මෙම කමිටුව පත්කරන ලදි.

මූලික අදියරේදී 10,000ක පමණ රැදවියන් පිරිසක් පුනරුත්ථාපනය සදහා යොදාගැනීමටත්, මත්ද්‍රව්‍ය සදහා ළමා සහ තරුණ පිරිස යොමුවීම වැළැක්වීමට අවශ්‍ය පසුබිම සැකසීම සදහා ක්‍රීඩාව, සෞන්දර්ය, කලාව, මනෝවිද්‍යා උපදේශන, වෘත්තීය පුහුණු ආදී වැඩසටහන් සහිත වැඩපිළිවෙලක් සැකසීම මෙන්ම දිගුකාලීන අධීක්ෂණ ක්‍රියාවලියක් සහිත ජාතික මට්ටමේ මාර්ගෝපදේශ වලින් යුක්ත වැඩපිළිවෙලක් සැකසීම මෙම කමිටුව වෙත පැවරී ඇති මූලික වගකීම වේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Shiran Viraj

එංගලන්තයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් තුළ නැවත යවනවාලු

Shiran Viraj

බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..

Shiran Viraj
Translate »