mediahumanrights.lk
Local NewsNews

බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් විසින් ආරම්භ කරණු ලැබු ආහාර වර්ජනය අද (14) දහවල් අවසන් කළ බව බුස්ස බන්ධනාගාර අධිකාර්යාලය තහවුරු කර සිටිනවා.

අද (14) දින උදැසන වනවිට විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් 13 දෙනෙකු පමණක් ආහාර වර්ජනයේ නිරතව සිටි අතර දහවල් එම රැදවියන් ද ආහාර වර්ජනයෙන් ඉවත් වු බව බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඉකුත් 10 වැනි දින සිට ඉල්ලම් කිහිපයක් මුල්කරගනිමින් විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් ආහාර වර්ජනයක්  ආරම්භ කරණු ලැබුවා. බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රැදවියින් 45 දෙනෙකු රදවා සිටියි.

මේ අතර ආහාර වර්ජනයේ නිරතව සිටියදි හදිසියේ අසනිපවිමෙන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුලත් කරණු ලැබු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාට ප්‍රතිකාර කිරිමෙන් පසු යලි බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් ඇති බවද බන්ධනාගාර කාර්යාලය සඳහන් කර සිටිනවා. මොහු ප්‍රතිකාර සදහා බුස්ස නාවික හමුදා රෝහලට ඇතුලත් කොට ඊ.සි.ජි පරික්ෂණයට ලක්කිරිමෙන් පසු බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් ඇත.

මේ අතර ආහාර ගැනිමේ වර්ජනයක නිරතව සිටින විශේෂ අංශයේ  රදවා සිටින රැදවියන් සදහා ඥාතින් හමුවිමේ අවස්ථාව ලබා නොදිමට බන්ධනාගාර පාලන අධිකාරිය තින්දුකොට තිබුණා. කොරෝනා සමයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් සදහා සිය ඥාතින් සමග දුරකථනයෙන් කථා කිරිම සදහා  එක් රැදවියකුට  විනාඩි 05ක කාලයක් ලබා දි තිබුණා.

ඉරිදා හා බදාදා දින යන වල දින දෙකෙන් ඕනැම දිනයක මෙම රැදවියන්ට එම අවස්ථාව හිමිව තිබු බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.  

කොරෝනා වසංගතය පහව යාමත් සමග විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් බැලිම සදහා ඥාතින්ට අවසර ලබාදිමත් සමග දුරකථන මගින් ඥාතින් සමග කථා කිරිම අවස්ථාන නවතා දමනු ලැබුවා. යලි ඥාතින් සමග දුරකථන මාර්ගයෙන් කථා කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් අහාර වර්ජනයේ නිරතව සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයි

Shiran Viraj

බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්

Shiran Viraj

පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ

Shiran Viraj
Translate »