mediahumanrights.lk
Local News News

හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු  පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව මූලික විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ විමර්ශන වල උදෘත නීතිමය උපදෙස් ලබා ගැනීම සදහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අද දින අධිකරණයේ පෙනී සිටි අතර ඉදිරි මහේස්ත්‍රාත් විමර්ශන  ලබන වසරේ මාර්තු මස 17 වෙනිදා යළි කැඳවීමට අධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යූ. ජයසූරිය මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

Shiran Viraj

මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..

Shiran Viraj

මං ජනාධිපති වුනාම වැටුප් වැඩි කරන්නේ ජූනි සිට.. මාස හයෙන් හයට වැඩි කරනවා…

Shiran Viraj