26.7 C
Colombo
2025-12-15
mediahumanrights.lk
NewsPolitical

“20” ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.

මෙවර අමාත්‍ය කැබිනට් මණ්ඩලයේදී 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. එහිදී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් පෙන්වා දී ඇත්තේ 19 වැනි සංශෝධනයේ ජනතාවට ප්‍රයෝජනවත් සමහර වගන්ති ඉවත් නොකර ඒවා 20 වැනි සංශෝධනය මගින් සක්‍රීය කළ යුතු බවයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කර ඇත්තේ දැනට ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රජයේ නීතී කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යොමු කර ඇත කියාය. එය තමන් වෙත ලැබුණු සැණින් කැබිනට්ටුවට ඉදිරිපත් කරන වග ඔහු සඳහන් කර තිබේ.

lanka lead news

Related posts

තෙල් පෝලිම් ඇවිල්ලා.. අලුත් ජනවරමක් හදන්න අවස්ථාව ඇවිල්ලා…- සජිත්

Shiran Viraj

බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

Shiran Viraj

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

Shiran Viraj
Translate »