32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsSportsSports News

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේ

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

ලබන 28 වැනිදා ආරම්භවීමට නියමිත මෙම තරගාවලිය සඳහා එක්වන විදෙස් ක‍්‍රිඩකයින් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීම ද අදාළ මාර්ගෝපදේශයන්ට අනුව සිදු කෙරෙන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සමග අද (11) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වෙන බව ඔහු ප‍්‍රකාශ කළා.

මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට 70කට අධික විදෙස් ක‍්‍රීඩකයින් සංඛ්‍යාවක් කැමැත්ත පළකර තිබෙනවා. තරගාවලිය සදහා කණ්ඩායම් 05 ක් තරග වදින අතර එම කණ්ඩායම් නම්කර ඇත්තේ කලම්බෝ සුපර් කිංග්ස්, දඹුල්ල කැපිටල්ස්, ගෝල් ලයන්ස්, ජැෆ්නා සන්රයිසස් සහ කැන්ඩි රෝයල්ස් යනුවෙන්.

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රිඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

එහෙත් එම ක‍්‍රීඩාංගණයේ තවමත් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බැවින් ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ සියලූ තරග සූරියවැව, දඹුල්ල සහ පල්ලේකැලේදි පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් සදහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

Shiran Viraj

ඉරාජ්ගේ නිවසටත් පහර දේ..

Shiran Viraj

ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..

Shiran Viraj
Translate »