mediahumanrights.lk
NewsPolitical

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කර ගැනුණු තේරීම් කාරක සභාව අද පස්වරු 02 ට රැස්වනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කථානායක නිල කාමරයේදීයි.

කථානායකවරයා සභාපතිත්වය දරණ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ මන්තී‍්‍රවරුන් ද ඇතුළුව නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත වනවා.

ඒ අනුව අද නම් කෙරුණු තේරීම් කාරක සභා සාමාජිකයින් අතරට නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, ප‍්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෙයික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද අයත්. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මිනිස් ජාවාරමේ අවදානම් කලාපයෙන් අපි මිදුනා -තලතා

Shiran Viraj

මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා.. ‘Thats my boy’ කියනවා වගේ..- දිල්කා සිඩ්නි සිට

Shiran Viraj

නරියකු යතුරුපැදියේ හැපී කොස්තාපල් මරුට

Shiran Viraj
Translate »