2026-01-14
mediahumanrights.lk
Local NewsNews

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.

පාස්කු ප‍්‍රහාරය එල්ල වන සමයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙසත්, සාගල රත්නායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් අද දිනයේදී සාක්ෂි සටහන් කරගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධනගෙන් ඉකුත් 18 වනදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය සාක්ෂි සටහන් කරගත්තා.

මේ අතර හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබන 26 වැනිදා සාක්ෂි ලබාදීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..

Shiran Viraj

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Shiran Viraj

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයි

Shiran Viraj
Translate »