mediahumanrights.lk
Local News News

නුවරඑලියට දැඩි සුලගක්.. ගස් කඩා වැටී නිවාස කිහිපයකට හානි.. පිරිසක් රෝහලේ..

නුවරඑලිය හරහා හමා ගිය දැඩි සුලගකින් විශාල ෆයිනස් ගසක් කඩා වැටිමෙන් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදු වි එම නිවාස වල පදිංචි කුඩා ළමුන් දෙදෙනෙක් ඇතුළු කාන්තාවක් නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

නුවරඑලිය කිකිලියාමාන ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක් අසල පිහිටි නිවාස පේලියක් මත ෆයිනස් ගස කඩා වැටි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ෆයිනස් ගස කඩා වැටිම නිසා නිවාස තුනක දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, එම නිවාස වල පදිංචි පවුල් තුනකට අයත් සමාජිකයන් 17 දෙනෙකු තාවකාලිකව ඔහුන්ගේ ඥාති නිවාස වල නතර කර ඇති බවයි නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය කියා සිටියේ.

ෆයිනස් වගා රක්ෂිතය ආසන්නයේ පිහිටි ගස් කිහිපයක් නිවාස මතට කඩා වැටිමේ අවධානමක් පැවති බවත් , එම ගස් කපා ඉවත් කරන ලෙසට බලධාරින් දැනුවත් කලද එයට මෙතෙක් විසදුමක් ලබා නොදිම නිසා එසේ කඩා වැටිමේ අවධානමට ලක් වි ඇති ෆයිනස්  ගස් අතරින් එක් ගසක් මෙසේ කඩා වැටුණු බවයි එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

Shiran Viraj

යෞවනය දැනුවත් විය යුතු කාල පරිච්ඡේදයකි

Shiran Viraj

ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක..- සෞඛ්‍ය අංශ රජයට දන්වති..

Shiran Viraj