mediahumanrights.lk
NewsPolitical

රනිල්ට කැඳවීමක්

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාදීම සදහා එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර තිබෙනවා. පක්‍ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ද ඒ බව තහවුරු කළා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප‍්‍රකාශ ලබාගන්නැයි  නීතිපතිවරයා නිකුත් කළ නියෝගයක් මතයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් දෙදෙනාට මෙම කැදවීම සිදුකර ඇත්තේ.

මීට පෙරද හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඔහුගේ නිවසට ගොස් ප‍්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දින වෙන් කර ගෙන තිබුණා. කෙසේවෙතත් එදින ඔවුන් ප‍්‍රකාශයක් ලබාගැනීමට ගොස් නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

Shiran Viraj

“කාදිනල්තුමා සෙවූ මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමාද?” – උදය ගම්මන්පිලගේ ගැඹුරු චෝදනාවක්

Shiran Viraj
Translate »