mediahumanrights.lk
Local News News

කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්

කොරෝනා වසංගතය යළිත් ඉස්මතු විම හේතුවෙන් සමාජය තුළ බිය හා සැකය ද මතුවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ තුළ අනවශ්‍ය තදබදයක් ඇතිව ඇතැයි මඟි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයට අනුව ඊයේ (13) දිනයේ දී පමණක් පුද්ගලයින් 3500ක් පමණ සංඛ්‍යාවක් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමති මහින්ද අමරවිර මහතාගේ උපදෙස් අනුව පහත සඳහන් උපදෙස් මහජනතාව අනු ගමනය කළ යුතු බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

එනම්, 2020 අංක 3 දරන මෝටර් වාහන නියෝග මඟින් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය අවසන් වන දින සිට මාස 06 ක අමතර සහන කාලයක් සහ 2020.07.01 සිට 2020.09.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර අවසන් වන දින සිට මාස 03 ක සහන කාලයක් ලබා දීමට කටයුතු කර ඇත.

එසේම අවශ්‍යතාව පරිදි මෙම කාලය දිර්ඝ කළ යුතු බව නිරික්ෂණය වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවවද ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.රියදුරු බලපත්‍රය එක්දින සේවාව ලබා ගැනිම සඳහා වේරහැර කාර්යාලයට අමතරව,අනුරාධපුරය හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලවලත්,සාමාන්‍ය සේවාවන් ලබා ගැනිම සඳහා සියලුම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාල වල ද පහසුකම් සලසා තිබේ.

මීට අමතරව වාහන හිමිකම් පැවරිම සාමාන්‍ය සේවා යටතේ,සිදු කර ගැනිම සඳහා ඔබට ආසන්න දිවයිනේ සෑම ප්‍රා දේශීය ලේකම් කාර්යාලයකම පහසුකම් සලසා ඇති බැවින් එක දින සේවා පැවරුම් සහා පමණක් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙත යොමු වන ලෙස ද ඉල්ලිමක් කෙරේ.

කොවිඩ් 19 වසංගත තත්වය රට තුල නැවත හිස එසවීමේ අවදානම අ පවතින බැවින් රජයේ කාර්යාල වෙත පැමිණෙන සේවාලාභී ඔබ සමාජ දුරස්ථභාවය හා අනෙකුත් සෞඛ්‍ය උපදෙස් තරයේ ම පිළිපඳින ලෙසද මඟි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි

Shiran Viraj

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්

Shiran Viraj

අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්

Shiran Viraj