26.1 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNews

පොසොන් පොහොය අදයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා.

ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වුණා.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වුණා.

එවක් පටන් බෞද්ධයෝ විසින් පොසොන් පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා
ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙනවා.

කෙසේ වෙතත් රටේ උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආගමික ස්ථානවලට ජනතාව රැස් නොවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කර තිබෙනවා. සමාජ දුරස්ථභාවය තවදුරටත් ආරක්ෂා කරමින් තම නිවාසවල සිට මෙවර පොසොන් පොහෝය දින ආගමික ප්‍රතිපදාවේ නියැලීමට බෞද්ධ ජනතාවට සිදුව තිබෙනවා.

මේ අතර රජ සමයෙන් පසුව පළමු වතාවට රාජ්‍ය පොසොන් උත්සවයක් ප්‍රකාශයට පත්කර සමරනු ලබන්නේ මෙවර පොසොන් පොහොය දිනයේ දී බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මිහින්තලයේ දී ඊයේ (04) ප්‍රකාශ කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

Shiran Viraj

අද රැය "ගිණි ගත් රැයක්" බව වෛද්‍යවරු නිවේදනය කරයි

Shiran Viraj

"එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ" විමල් වීරවංශ පිල් මාරු කරයිද ? විමල්ම කියයි .!

Shiran Viraj
Translate »